ශ්රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්රීඩක අසේල ගුණරත්නට බංග්ලාදේශ කණ්ඩායම සමඟ අද (15) ආරම්භ වන පන්දුවාර 20 තරඟාවලිය අහිමි වී තිබෙනවා.
උරහිසේ අබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට මෙම තරඟාවලිය අහිමි වන බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසන්නේ.
අසේල වහාම ශ්රී ලංකාවට ගෙන්වීමට පියවරගෙන ඇති අතර ඉන් අනතුරුව ඔහු කොපමණ කාලයක් විවේක ගත යුතුද යන්න පිළිබද තීරණය කරන බවයි තේරීම් කමිටුවේ සභාපතිවරයා වැඩිදුරටත් ප්රකාශ කළේ.