Gossips

අසුපිනි ඇල්ලෙන් වැටී අතුරුදන්වූ සරසවි සිසුවාගේ සිරුර හමුවෙයි

අරණායක අසුපිනි ඇල්ලෙන් වැටී අතුරුදන්වූ සරසවි සිසුවාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.
අද (17) පස්වරුවේ සිරුර සොයාගෙන ඇත්තේ එය දියඇල්ල පහළ පිහිටි ජල විදුලි බලාගාරයකට ජලය ලබා ගන්නා ස්ථානයක රැඳී තිබියදීයි.
පසුගිය 14 වනදා පස්වරුවේ කැළණිය සරසවියේ උපාධි අපේක්ෂකයෙකු වන මෙම සිසුවා දිය ඇල්ල නැරඹීමට ගොස් සිටියදීයි ඉන් ඇද වැටී අතුරුදන්ව තිබුනේ.
ඔහු සොයා එම අවස්ථාවේම ප්‍රදේශවාසීන් දිය ඇල්ලේ පහල කොටසේ සෝදිසි මෙහෙයුම් සිදුකර තිබුන ද සිරුර හමුවුයේ නැහැ.
ඊයේ සහ පෙරේදා දින දෙක තුල ද පොලිසිය සහ ප්‍රදේශවාසීන් මෙම තරුණයා සොයා විමර්ශණ සිදු කළ ද සිරුර සොයා ගැනීමට හැකිවුයේ නැහැ.
ප්‍රදේශවාසීන් පවසන්නේ මීට පෙර මෙම දිය ඇල්ලෙන් ඇද වැටී පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් ඇති බවයි.
එමෙන්ම ඇල්ලෙන් පහලට වැටුනු පසු පහළ කොටසේ ඇති ගල් කුහරයක් සහිත ජලය ආවාටයක් මෙන් කැරකෙන ස්ථානයකට වැටෙන් අතර එහිදී සිරුර සොයා ගැනීමට හැකිවන්නේ දින කිහිපයක් ගතවීමන් අනතුරුව බව ප්‍රදේශවාසීන් සඳහන් කළා.
ඊට නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහය ලැබුන ද වැටුනු පුද්ගලයන් සියලුදෙනාගේම සිරුරු ගොඩගෙන ඇත්තේ ප්‍රදේශයේ ජීවත්වන 74 හැවිරිදි පුද්ගලයෙක් විසින්.
ඔහු ප්‍රකාශ කළේ මෙම ස්ථානය අනතුරුදායක බවට ප්‍රකාශකර තිබියදීත් ඒ පිළිබඳ පැමිණෙන පුද්ගලයන් කිසිදු තැකීමක් නොකිරීම පිළිබඳ කණගාටුදායක බවයි.