Gossips

අසාර්ථක ව්‍යාපෘති සාර්ථක කළ බව අගමැති කියයි

අසාර්ථක සංවර්ධන ව්‍යාපෘති රැසක් සාර්ථක මට්ටමට ගෙන ඒමට තම රජයට හැකිවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ දඹුල්ල නගරයේ පැවති එක්සත් ජාතික පක්ෂ ජන රැළියකට එක්වෙමින්.
ඉදිරියේදී රට තුළ ක්‍රියාකාරී ගුවන්තොටුපල 2 ක් සහ වරාය දෙකක් පවතින බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී කර්මාන්ත කලාප මෙන්ම සංචාරක වැඩසටහන්ද දියුණු කරන බවයි.