අස්වැන්නට නිසි මිලක් ඉල්ලා ඉන්දීය ගොවීයෝ දහස් ගණනින් වීථි බසිති
ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්ත ගොවීහු 30,000ක් නාෂික් සිට මුම්බායි දක්වා කිලෝමීටර් 167ක දුරක් පා ගමනින් පැමිණ පොරොන්දු ඉටු නොකළ ප්‍රාන්ත රජයට විරෝධය දක්වමින් සිටිති.
ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලිම් දෙක වන්නේ ණය කපා හැරීම සහ සිය වගාවට සාධාරණ මිලක් ලබා ගැනීමයි.
පසුගිය වසරේ ආණ්ඩුව මෙම ඉල්ලිම් ඉටුකිරීමට පොරොන්දු වුවත් ආණ්ඩුව එම පොරොන්දු පැහැර හැර ඇතිබව ගොවීහු චෝදනා කරති.
මෙය සංවිධානය කරන්නෙ ඉන්දිය මාර්ක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයට අනුබද්ධ ජාතික ගොවි සංවිධානය විසිනි.
දින හයක පාගමනකින් පසු ගොවීහු අද (12) වනවිට මුම්බායි වෙත පැමිණ ඇත.
ඉතා උෂ්ණ අධික දුෂ්කර කාල වකවනුවක් වුවත් ගොවීන් කාන්තාවන් දරුවන් මහලු පිරිස් සාමූහික ලෙස මෙයට සහභාගී වී ඇති ආකාරයෙන් මෙම ගැටළුව ඔවුන් කෙතරම් දුෂ්කර ජීවන තත්ත්වයකට පත්ව ඇත්ද යන්න වටහා ගත හැකිය.
මීට දින 06කට පෙර ආරම්භ කළ මෙම විරෝධතා පාගමන අද (12) පෙරවරු 07 පමණ වනවිට මුම්බායි හි අසාද් ක්‍රීඩාංගනයට පැමිණ ඇත.
උදෑසන කාලයේදී පැසැල් සඳහා පිටත්වන ළමුන් සහ රැකියා සඳහා පිටත්වවන මුම්බායි ජනයාට බාධාවක් නොවීම සඳහා ඔවුන් එම වේලාවට එම ස්ථානයට ළඟා වීමට කළින් සැලසුම් කර තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.