Gossips

අස්ගිරි මහා විහාරයට අයත් විහාරස්ථානයක නිධන් සොරකමක්

අස්ගිරිය මහා විහාරයට අයත් ජම්බුගහපිටිය ඓතිහාසික අනුරාගල රජමහා විහාරස්ථානයේ ඉපැරණි චෛත්‍යයට හානි කර නිධන් වස්තු සොරාගෙන ගොස් තිබෙනවා.
අද අලූයම් කාලයේදී මෙම නිධන් වස්තු සොරාගෙන ඇති අතර, විහාරස්ථානයේ බුදු මැදුරේ දොරටුවටද හානි කර සැකකරුවන් පලාගොස් ඇති බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.
මෙම විහාරස්ථානයේ භාරකරු වශයෙන් කටයුතු කරන අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නාහිමියන් ප්‍රකාශ කළේ මෙවැනි ඉපැරණි සිද්ධස්ථාන සඳහා නිසි ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කළ යුතු බවයි.