Gossips

අස්ගිරි පාර්ශවයෙන් එජාපයට අනුශාසනාවක්

රටේ මතුව ඇති දේශපාලන වාතාවරණය විසදා ගැනීමට නම් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් අර්ථ නිරූපණයක් ලබා ගත යුතු බව අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන නාහිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් පිරිසක් අද (04) පෙරවරුවේ අස්ගිරි මහනාහිමියන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදියි.
අස්ගිරි මහවිහාරය වෙත පැමිණි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිස රටේ මතුව ඇති දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් දැනුම්වත් කළා.