Gossips

අසභ්‍ය චිත්‍රපට අන්තර්ජාලයට දැමූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක අත්අඩංගුවට

ඉන්දියාව කළඹමින් අන්තර්ජාලයට එක්වූ නවතම කෙටි චිත්‍රපටයක් වෙත මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
එම චිත්‍රපටය නම් කර ඇත්තේ god sex and truth ලෙසින්.
කෙසේ වෙතත් මෙම චිත්‍රපටයට එරෙහිව එරට කාන්තා ක්‍රියාකාරිනියන් පිරිසක් විසින් මේ වනවිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
මෙම විරෝධතාවන් සමඟ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජනප්‍රිය බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂවරයෙකු වන රාම් ගෝපාල් වර්මා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී ඔහුගෙන් හයිද්‍රාබාද් පොලිසිය විසින් පැය 3 ක් ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් එක්කරගෙන ඇත්තේ මියා මැල්කෝවා නමැති ජනප්‍රිය නිල් චිත්‍රපට නිළිය වීම විශේෂත්වයක්.