Gossips

අශ්රෆුල් යළි ක්‍රිකට් පිටියට පිවිසීමේ අපේක්ෂාවෙන්

තරඟ තහනමකට ලක්ව සිටින බංග්ලාදේශයේ මොහොමඩ් අශ්රෆුල් යලි අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසීමේ අපේක්ෂාවෙන් පසුවනවා.
2013 වසරේ බංග්ලාදේශ පී‍්‍රමියර් තරඟාවලියේදී මුදලට තරඟ පාවාදුන් බවට එල්ල වූ චෝදනා හේතුවෙන් ඔහුට වසර 05 ක තරඟ තහනමක් පනවනු ලැබුවා.
එම කාලය ලබන 13 වැනිදායින් අවසන් වන අතර, මොහොමඩ් අශ්රෆුල් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත සඳහන් කර ඇත්තේ තමන් යළි බංග්ලාදේශ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි.