Gossips

අවුරුදු 70ක කාන්තාවක් කෙලෙසූ අයෙක් පොලිසියට කොටු

වයස අවුරුදු 70ක කාන්තාවක් දූෂණය කළ බව කියන 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුන්දලම පොලිසිය විසින් අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (26) පස්වරුවේ මදුරන්කුලිය – වේළුසුමනපුර ප්‍රදේශයේදී මෙම අපරාධය සිදුව ඇති බව සඳහන්.
මෙලෙස දූෂණය ලක්වූ කාන්තාව දෙදරු මවක් වන අතර ඇයගේ සැමියා මියගොස් ඇය තනිව ජීවත්ව තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරු අධික ලෙස බීමතින් කාන්තාව සිටි නිවසට පැමිණ ඇයට පහර දී පසුව අතවරය සිදුකර ඇති බවයි විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිඳ ඔහු අතහැර ගොස් ඇති අතර ඔහුට දරුවෙකු ද සිටින බවයි පොලිසිය පවසන්නේ.
අතවරයට පත්ව ඇති කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මුන්දලම පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.