Gossips

අවුරුදු 14ක දැරියක් කෙළෙසූ 22 තරුණයා බන්ධනාගාරයට

තණමල්විල ප්‍රදේශයේදී වයස අවුරුදු දාහතරක දැරියක් දූෂණය කළ සැකකරුවෙකු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ වයස අවුරුදු 22ක විවාහක තරුණයෙක් බවයි තණමල්විල පොලිසිය පැවසුවේ.
පසුගිය 25 වනදා අදාල දැරිය නිවසෙන් අතුරුදන්ව ඇති අතර ඒ පිළිබඳව ඇයගේ දෙමව්පියන් විසින් තණමල්විල පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
එම පැමිණිල්ලට අනුව පොලිසිය විසින් පරීක්ෂණ පවත්වන අතර වාරයේ පසුගිය 29 වනදා අදාල දැරිය සහ සැකකාර තරුණයා දැරියගේ මව්පියන් සමඟ පැමිණ පොලිසියට භාරවී ඇති බව සඳහන්.
එහිදී පොලීසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීම වලදී අනාරණය වී ඇත්තේ සැකකාර තරුණයා සහ දැරිය අතර ප්‍රේම සම්බන්ධයක් පැවති බවයි.
සැකකාර තරුණයා විසින් දැරිය කැඳවාගෙන ගොස් දින කිහිපයක් බලහරුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තබාගෙන සිට ඇති අතර එහිදී සැකකරු විසින් ඇයව දූෂණයකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
අදාල තරුණයා මීට පෙර විවාහ වී සිටි අයෙක් බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.