Gossips

අවුරුදු 13ක තවත් දරුවෙක් කාමාතුරයෙකුට ගොදුරු වෙයි

වයස අවුරුදු 13ක දරුවෙකු බරපතල ලිංගික අපයෝජනය කළ පුද්ගලයෙකු ඊයේ (06) ඉමදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 75ක පුද්ගලයෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අදාළ දරුවා තම මිත්තණියට ඖෂධ සඳහා අවශ්‍ය නික කොළ ගෙන ඒමට සිය නිවස ආසන්නයේ පිහිටි සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේ සැකකරු විසින් දරුවා අපයෝජනයට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු ඔහුගේ බිරිඳ සමඟ ජීවත්ව ඇති අතර මෙම සිදුවීම සිදුවූ පසුගිය 03 දින ඔහුගේ බිරිඳ නිවසේ සිට නැහැ.
නික කොළ කැඩීම සඳහා පැමිණි මෙම දරුවා නිවස තුලට ගෙන්වාගෙන සැකකාර සීයා දරුවාට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර තිබෙනවා.
අනතුරුව දරුවා පාසල් ගොස් සිය මිතුරෙකුට මේ බව පවසා ඇති අතර අනතුරුව මේ සම්බන්ධයෙන් සිය මවට දන්වා ඇති බව සඳහන්.
පසුව දරුවාගේ මව විසින් මේ සම්බන්ධව ඉමදුව පොලිසිය පැමිණිල්ලක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
පැමිණිල්ල අනුව ඉමදුව පැඟිරිහේන ප්‍රදේශයේ පදිංචි ආදළ සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන්.
මේ අතර ඉරණවිල ප්‍රදේශයේදී වයස අවුරුදු 10ක පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයන්ට ලක්කර ඝාතනය කර තිබියදී පසුගියදා සොයා ගැනුණා.