Gossips

අවුරුදු 12 ට අඩු ගැහැණු ළමුන් දූෂණය කළොත් මරණ දඩුවම

වයස අවුරුදු 12 ට අඩු ගැහැනු දරුවන් දූෂණය කිරීමේ චෝදනාවකට වරදකරු වුවහොත් චූදිතයන්ට මරණ දඬුවම පැනවිය හැකි නව නීතියකට ඉන්දීය කැබිනට් මණ්ඩලය අද අනුමැතිය ලබාදුන්නා.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් අද රැස් වූ විශේෂ කැබිනට් රැස්වීමකදී මෙම තීරණය ගනු ලැබුවේ දිනෙන් දින එරට වාර්තාවන ස්ත්‍රී සහ ළමා අපයෝජන පිළිබඳව සැලකිල්ලට ගනිමින්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සාමාන්‍යයෙන් ඉන්දියාවේ සෑම පැයකට වරක්ම කාන්තාවන් 4 දෙනෙකු අපයෝජනයට ලක්වන බවයි.