Gossips

අවුරුදු 03 දරුවා ද සමඟ මුහුදේ ගිලී, දිවි හානිකරගන්න ගිය මාරවිල පියා

තම දරුවා ද සමඟ සියදිවි හානි කරගැනීමට උත්සහ කළ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ පුවතක් මාරවිල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අදාල පුද්ගලයා වයස අවුරුදු 03ක් වන සිය පිරිමි දරුවා ද සමඟ මුහුදේ ගිලී සියදිවි හානිකර ගැනීමට උත්සහ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මාරවිල පොලිසිය විසින් මාරවිල පොලිස් වසමේ උතුරු තොඩුවාව ප්‍රදේශයේදී අද (24) දහවල් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුඩා දරුවෙකු අතින් ගත් පුද්ගලයෙක් මුහුදේ ගිලී සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරන අයුරු ප්‍රදේශවාසීන් විසින් දැක ඇති අතර එහිදී ධීවරයෙකු විසින් දෙදෙනාවම බේරාගැනීමට සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව කුඩා දරුවාව ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර සැකකාර පියා මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.
පවුල් ආරවුලක් හෝ වෙනත් හේතුවක් මෙම සිද්ධියට මුල් වන්නට ඇති බවට පොලිසිය සැකකරන අතර මාරවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.