Gossips

අවුරුදු හතක දැරියක් දූෂණයට ලක් වෙයි

වයස අවුරුදු 07 යි මාස 02 ක දැරිවියක් දූෂණය කළ බව කියන 48 හැවිරිදි අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය පවසනවා.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටුකච්චිය – දංගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පසුගිය 28 වැනිදා සැකකරු විසින් මෙම අපරාධය සිදු කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
සැකකරු තම කුඹුරට ගොස් ආපසු ඔහුගේ නිවස බලා යන අතර තුර, අසල තිබූ අදාල දැරියගේ නිවසට ගොස් තිබෙනවා.
එවිට දැරිය නිවසේ තනිවම නිදා සිට ඇති බවයි වාර්තාවන්නේ.
එය දැක ඇති සැකකරු පැමිණ දැරිවියට අපරාධය සිදු කර පලා ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
පසුව දැරිවියගේ මව්පියන් මේ බව දැන පොලීසියට පැමිණිළි කර තිබෙනවා.
අතවරයට පත්ව ඇති දැරිවිය ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු පවත්වනවා.