Gossips

අවුරුදු සමයේ ගිණිකෙළි අනතුරුවල අඩුවීමක්

මෙවර අලූත් අවුරුදු සමයේ ගිනිකෙළි සහ ගෘහස්ථ අනතුරුවල කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබෙන බව කොළඹ ජාතික රෝහල ප්‍රකාශ කළා.
පසුගිය 13 වැනිදා සහ 14 වැනිදා හදිසි අනතුරු අංශයට රෝගීන් 379 ක් රැගෙන ආ බවයි එහි ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා කියා සිටියේ.
මේ අතර දෙමව්පියන්ට නොදන්වා දුන්හිඳ දිය ඇල්ල නැරඹීමට ගිය සිසුන් හතරදෙනෙකු ගමන් කළ මෝටර් රථයක් අද අලූයම බදුල්ල – මහියංගණය මාර්ගයේ තල්දෙණ – හයේ කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්වී තිබෙනවා.
එහිදී අඩි 150 ක පමණ ප්‍රපාතයකට පෙරළුණු මෝටර් රථය ගසක රැඳී ඇති අතර, අනතුරෙන් පාසල් සිසුන් සිව්දෙනා තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
පොලීසිය සඳහන් කළේ ඔවුන් වයස අවුරුදු 14,16 සහ 18 වයස්වල පසුවන හසලක ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි.