Gossips

අවුරුදු සමයේ අනතුරුවල අඩුවක්

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අවුරුදු සමය තුළ සිදු වූ අනතුරුවල අඩුවක් දක්නට ලැබෙන බව රථවාහන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාශය පවසනවා.
පසුගිය වසරේ අප්‍රේල් මස 11 වන දින සිට 16 වන දින දක්වා රිය අනතුරු 87ක් සිදු වී ඇති අතර, මේ වසරේ එම කාලසීමාවේදී සිදුවූ රිය අනතුරු ගණන 40ක්.
එම කාලසීමාව තුළ පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් යොදවා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම වැනි මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණා.
රථවාහන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ කියා සිටියේ පසුගිය වසරේ ජනවාරි 1 වන දා සිට අප්‍රේල් 17 වන දා දක්වා කාලසීමාව තුළ දී රිය අනතුරු 963කින් පුද්ගලයින් 1020ක් මිය ගොස් ඇති බවයි.
එමෙන්ම මේ වසරේදී එම කාලසීමාව තුළ රිය අනතුරු 821කින් පුද්ගලයින් 878 දෙනෙකු මිය ගොස් ඇති අතර එය රිය අනතුරුවල අඩුවක් බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
මේ අතර, අවිස්සාවේල්ල සහ දංකොටුව ප්‍රදේශවල සිදු වු රිය අනතුරු දෙකකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොළඹ – අව්ස්සාවේල්ල පැරණි මාර්ගයේ හංවැල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පදිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ මෝටර් රථයක මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු ගැටීමෙන් ඊයේ මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි කොස්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර, දංකොටුව – නාත්තන්ඩිය ප්‍රදේශයේදී යතුරුපැදියක් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් සිදු වු අනතුුරකින් 67 හැවිරිදි ලූණුවිල ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරු මිය ගොස් තිබෙනවා.