මෙවර සිංහල අලුත් අවුරුදු උත්සව සමය නිමිත්තෙන් සිදුකරන විශේෂ වැටලීම් ලබන සඳුදා සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ වෙළඳපොල තුළ ඇති ආහාර පානවල ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කිරීම එහිදී සිදුකරන බවයි.
මේ අතර, උත්සව සමය නිමිත්තෙන් බීමත් රියදුරන් වැටලීමේ විශේෂ මෙහෙයුම මෙවරත් ක්‍රියාත්මක කරන බව පොලීසිය ප්‍රකාශ කළා.