Gossips

අවුරුදු රේස් සංවිධායකයින්ට පොලීසියෙන් රතු එළියක්

ඊයේ සහ පෙරේදා දින දෙක තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ පරීක්ෂාවලදී බීමත් රියදුරන් 375 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය පවසනවා.
එමෙන්ම, අපරීක්ෂාකාරිව හා අන්තරාදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් 267 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර, වේගයෙන් රිය පැදවීමේ වරදට රියදුරන් 602 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා.
මේ අතර, අවුරුදු උත්සවවල බයිසිකල් ධාවන තරඟ පැවැත්වීමේදී සහයට ගමන් ගන්නා යතුරු පැදි හේතුවෙන් අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.
ඒ අනුව එලෙස සහායක යතුරුපැදි ගමන් කරවීම වලක්වන ලෙසයි ඔහු තරග සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටියේ. එලෙස අනතුරක් සිදුවුවහොත් තරග සංවිධායකයින් ඒ පිළිබඳව නෛතිකව වගකීමට යටත්වන බවයි පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.