Gossips

අවුරුදු දෙකේ පිරිමි දරුවෙකු අතුරුදහන් වීම ගැන පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය සෝදිසි මෙහෙයුමක් අරඹයි

හැටන්, ආගරපතන ප්‍රදේශයේ වයස අවුරුදු 02ක් වයසැති පිරිමි දරුවෙක් අතුරුදහන්ව තිබෙනවා.
මෙම පිරිමි දරුවා ඊයේ සවස 03.00 සිට අතුරුදහන්ව ඇති බවයි වාර්තා වන්නේ.
අතුරුදහන් වීම සම්බන්ධයෙන් දරුවාගේ පවුලේ ඥාතීන් විසින් මේ වන විට පොලීසියට පැමිණිලි කොට තිබෙනවා.
පවුලේ ඥාතීන් සැකපළ කරන්නේ දරුවා පැහැරගෙන ගොස් ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ආගරපතන පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බව සඳහන්.

rnrnrnrnrnrnrnrnrnrnrnrnrnrnrn