Gossips

අවුරුදු තුනක දරුවෙකු අමුණකට වැටී මියයයි

මාතලේ – ඔලගන්වත්ත ප්‍රදේශයේදී අමුණකට වැටීම හේතුවෙන් කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අකුරන්බඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 3 ක කුඩා පිරිමි දරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
සිය මව සමඟ එම දරුවා ඔලගන්වත්ත ප්‍රදේශයේ දිය නෑමට ගොස් ඇති අතර, මව අමුණ ආසන්නයේ රෙදි සෝදමින් සිටි අවස්ථාවේ දරුවා ජලයට වැටී ඇති බව සඳහන්.
අනතුරුව එම කුඩා දරුවා රෝහල් ගතකර ඇති අතර, එහිදී ඔහු මියගොස් තිබෙනවා. දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.