Gossips

අවුරුදු උදාවේ අනතුරුවල අඩුවක්

නව වසර උදා වී පැය ගණනාවක් ඉක්ම වුව ද, ජනතාව එය මහත් උත්සවශ්‍රියෙන් මේ වනවිටත් සමරමින් සිටිනවා.
නව වසර උදාවීමත් සමග ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනතාව අද උදෑසන ආගමික ස්ථානවලට ගොස් වතාවත්වල නිරත වුණා.
උදා වූ වසරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට පෙර බොහෝ පිරිසක් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගත් බවයි අතර, අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝ සමිදුන් ඇතුළු අටමස්ථානය වැද පුදා ගැනීමට ද බැතිමතුන් විශාල පිරිසක් ඊයේ පස්වරුවේ සිට පැමිණෙමින් සිටින බවයි එහි සිටින හිරු ප්‍රාදේශීය වාර්තාකරු සදහන් කළේ.
එමෙන්ම, කිරිවෙහෙර සහ කතරගම පුද බිමේ ද නව වසර සදහා ආශිර්වාද සිදුකිරීමට විශේෂ ආගමික වතාවක් සිදුකෙරුණා.
මේ අතර, වතුකරයේ ජනතාවට ද උදා වූ නව වසර පිලිගනු ලැබුවේ කෝවිල්වලට ගොස් හින්දු ආගමික වතාවත් වල නිරත වෙමින්.
එමෙන්ම, කතෝලික ජනතාව ද දේවස්ථාන වෙත ගොස් නව වසරේ ආගමික වතාවත්වල නිරත වූ බවයි වාර්තා වන්නේ.
මීට අමතරව අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් වූ උතුරේ ජනතාව ද නව වසර උදාව උණුසුම් අයුරින් පිලිගනු ලැබුවා.
මේ අතර, දෙසැම්බර් 30 සහ 31 දෙදින තුළ පසුගිය වසරට සාපේක්ෂව අනතුරු වාර්තා වීමේ සියයට 3 ක අඩුවීමක් පෙන්නුම් කරනවා.
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට වාර්තා වූ සමස්ත අනතුරු සංඛ්‍යාව 493 ක්.