Gossips

අවුරුදු උදාවේදී බීමත් රියදුරන් 470ක් අත්අඩංගුවට

ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා ගත වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 470 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ දිවයින පුරා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.
එමෙන්ම පසුගිය දෙසැම්බර් 15 වනදා සිට 30 වැනිදා දක්වා සිදුකළ වැටලීම් වලදී බීමත් රියදුරන් 6021 දෙනෙකු පොලිසීය අත්අඩංගුවට ගෙන තිබුණා.