Gossips

අවුරුදු උදාවෙයි – රට පුරා සැමරුම්

උදාවූ සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද ලක්වාසී ජනතාව ආගම දහමට මෙන්ම සිරිත්වලට සහ සංස්කෘතික සැමරුම්වලට මුල්තැන දෙමින් මේ වනවිට සමරමින් සිටිනවා.
අලූත් අවුරුද්දේ පුණ්‍ය කාලය හෙවත්, නොනගතය අද පූර්වභාග 7.45 ට උදාවූ අතර අපරභාග 8.33 ට එය අවසන් වීමට නියමිතව තිබෙනවා.
මෙවර අලූත් අවුරුදු උදාව සිදුවූයේ අපරභාග 2.09 ට යෙදී තිබූ සුබ මොහොතින්.
මෙවර අලූත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත යෙදී තිබුණේ අපරභාග 02.42 ටයි.
වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය රතු සහ කහ මිශ්‍ර තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා අපරභාග 03.54 ට යෙදෙන සුබ මොහොතින් සිදුකෙරුණා.
මෙවර අලූත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් 17 වැනිදා පූර්ව භාග 7.40 ට යෙදී ඇති අතර, රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත 18 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 4.52ට යෙදී තිබෙනවා.