Gossips

අවුරුදු අටක දැරියක් කෙළෙසන්න හැදූ අයෙක් අල්ලයි

අවුරුදු අටක දැරියකට ලිංගික අතවර කිරීමට තැත් කල වයස අවුරුදු 73 ක පුද්ගලයෙකු ඊයේ(08) සවස මුලතිව් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙය සිදුව ඇත්තේ මුලතිව් ප්‍රදේශයේ සිලාවත්ත දියෝනගර් ප්‍රදේශයේ නිවසකදීය.
දැරියගේ මව පොලීසියට පවසා ඇත්තේ අදාල සැකකරු ඥාතියෙකු වන බවත් ඔහු නිතරම තම නිවසට පැමිණෙන බවත්ය,
සිද්ධිය වූ දා නිවසේ කිසිවෙකුත් නොසිටි අතර ඔහු දැරියට ලිංගික අතවර කිරීමට සූදානම් වූ අවස්ථාවේදී එය අසල නිවසක අයෙකු දැක කෑ ගසා අදාල පුද්ගලයාට පහර දී එලවා ගෙන තිබෙනවා.
දැරියගේ මවගේ පැමිණිල්ලට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන මුලතිව් දිසා විනිසුරු එස්.ලෙනික් කුමාර් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුව ලබන අප්‍රේල් මස 20 දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග කර තිබෙනවා.
දැරිය මුලතිව් රෝහලට ඇතුළත් කොට ඇති අතර ඇය පිළිබදව වෛද්‍යවාර්තාවක් ලබා ගන්නා ලෙස පොලීසියට නියෝග කොට ද තිබෙනවා.
සිද්ධිය පිළිබදව මුලතිව් පොලීසිය පරීක්ෂණ පවත්වනවා.