Gossips

අවුරුද්දට එළවළු මිලත් අඩුවේ

අස්වනු වැඩි වශයෙන් වෙළඳපොලට ලැබීම නිසා මේ වනවිට එළවළු මිල සීග්‍ර ලෙස පහළ බැස ඇති බව මැනිං පොදු වෙළඳපොළ සංගමය පවසනවා.
එහි සභාපති ලාල් හෙට්ටිගේ කියා සිටියේ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩි වශයෙන් අඩු මිලට එළවළු මිලදී ගැනීමට මේ අනුව අවස්ථාව සැළසෙන බවයි.
අද (11) සහ හෙට (12) දහවල් 12 සිට පස්වරු 7 දක්වා කාලසීමාව තුළ පැමිණ එළවළු මිලදී ගන්නා ලෙසයි ඔවුන් වෙළදුන්ගෙන් සහ පාරිභෝගිකයන්ගේ ඉල්ලීමක් කරන්නේ.
මේ වනවිට ලීක්ස්, වම්බටු, කැරට් කිලෝවක තොග මිල රුපියල් 40 ක් ලෙස සටහන් වන අතර, මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 120 ක්.
මේ අතර පසුගිය වසරට සාපේක්ෂව මෙවර අලුත් අවුරුද්ද හේතුවෙන් පොල් සහ අන්නාසිවල මිල ගණන්ද පහත බැස තිබෙනවා.
පසුගිය වසරේ රුපියල් 100 ත් 200 ත් අතර පැවති අන්නාසි ගෙඩියක තොග මිල රුපියල් 50 ක් දක්වා පහත වැටී ඇති අතර, පොල් ගෙඩියක තොග මිල පවතින්නේ රුපියල් 30 ක අගයකටයි.