Gossips

අවුරුද්දට අධිවේගී මාර්ගවල විශේෂ වැඩපිලිවෙලක්

උදාවන සිංහල – දෙමළ අලුත් අවුරුද්දත් සමඟ අධිවේගී මාර්ගවල හුවමාරු මධ්‍යස්ථාන ආශ්‍රිතව ඇතිවන වාහන තදබදය අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශය පවසනවා.
එහි අධ්‍යක්ෂ එස්.ඕපනායක, සඳහන් කළේ දෛනිකව 80,000 ක්ව පැවති වාහන ධාවනය, උත්සව සමයත් සමඟ එක්ලක්ෂ දසදහස දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ හේතුව නිසා හුවමාරු මධ්‍යස්ථාන ආශ්‍රිතව ඇති වන තදබදය අවම කිරීමටයි මෙම විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත්තේ.
ඒ අනුව, පැයකට හුවමාරු මධ්‍යස්ථාන වලින් පිටකරන වාහන ප්‍රමාණය 300 දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශයේ අධ්‍යක්ෂ එස්.ඕපනායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ අතර, උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් අද සිට ලබන 20 වනදා දක්වා සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියා.