රුසියාව සහ චීනය ඉලක්ක කර ගනිමින් ඇමරිකානු ආරක්ෂක බලය ගොඩනැංවීම අරමුණු කර ගත් ඩොලර් බිලියන 750ක දැවැන්ත ආරක්ෂක අයවැයට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ අත්සන් තබා තිබෙනවා.
ජාතික ආරක්ෂක බලාත්මක පනත් කෙටුම්පත ලෙස නම් කෙරුණු මෙම අයවැය සඳහා ඇමරිකානු කොංග්රස් මණ්ඩලයේ අනුමැතිය ද හිමි වුණා.
නව ආරක්ෂක අයවැයට අත්සන් තබමින් ජනපති ට්‍රම්ප් කියා සිටියේ ඇමරිකාව, අභ්‍යාවකාශයේ ද ආරක්ෂක බලය ගොඩනැංවීමට කටයුතු කරන බවයි.
එය අවි තරඟය අභ්‍යාවකාශය වෙත ද ව්‍යාප්ත කිරීමක් ලෙසයි සැලකෙන්නේ.
මෙම අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ද ඇමරිකානු ඩොලර් 39ක ආරක්ෂක ආධාර වෙන් කර ඇති අතර, ආසියා – පැසිෆික් කලාපය සඳහා වෙන් කර ඇති මුළු මුදල ඩොලර් මිලියන 300ක්.