Gossips

අවි ජාවාරමට සම්බන්ධ තුන්දෙනෙකු අත්අඩංගුවට

විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 4 ක් සහිත මැගසීනයක් සමඟ පුද්ගලයෙකු ගම්පහ – මාතම්මන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අවි ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මිනුවන්ගොඩ සහ බිංගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන්.