Gossips

අවි ගත් දෙදෙනෙකු සොයා රුවන්වැල්ලේ මෙහෙයුමක්

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එක්ව අද රුවන්වැල්ල – කිරිපෝරුවත්ත ප්‍රදේශයේ හදිසි සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබුවා.
ටී – 56 වර්ගයේ ගිනි අවි රැගෙන පුද්ගලයින් දෙදෙනෙකු සැරිසරන බවට ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරකට අනුව මෙම මෙහෙයුම දියත් කළ බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.
උදෑසන 09 ට පමණ ආරම්භ වූ මෙහෙයුම පැය 08 හමාරක කාලයක් පැවති අතර එය අවසන් වුණේ පස්වරු 05 යි 30 ට පමණයි.
කෙසේ වෙතත්, මෙහෙයුමේදී ආයුධ සන්නද්ධව සිටි පුද්ගලයෙකු සොයා ගැනීමට හැකි වී නැහැ.
පසුගිය 25 වැනිදා අකුරැස්ස – විල්පිට රක්ෂිතයේ පොලිසිය සිදුකල හදිසි වැටලිමකදී විදේශගතව සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ ප්‍රධානම ගෝලයකු ලෙස සැලකෙන මානෙල් රෝහණ හෙවත් තිලක් නැමැත්තා පොලිස් විශේෂ බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදි ජීවිතක්ෂයට පත් වුණා.
අනතුරුව ඔහු සමග සිටි පලාගිය පුද්ගලයින් දෙදෙනෙකු සොයා එම රක්ෂිතයේ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයුමක් දියත් කළ නමුත් ඔවුන් සොයා ගැනීමට හැකි වුයේ නැහැ.