Gossips

අවසානයේ සුපිරි ක්‍රිකට් තරුව තරඟ පාවාදීමේ චෝදනා පිළිගනී

හිටපු පාකිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක ධනිෂ් කනේරියා තමා තරඟ පාවාදීම්වලට සම්බන්ධ වූ බව ප්‍රථම වරට පිළිගෙන තිබෙනවා.
පාකිස්ථාන ජාතික ක්‍රිකට් පෙලට අමතරව, එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කළ කනේරියා මෙලෙස තරඟ පාවාදීම්වලට සම්බන්ධ වී ඇත්තේ 2009 වසරේ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියේදීයි.
එහිදී ඔහුට සහ එසෙක්ස් පිලේ එංගලන්ත ක්‍රීඩකයෙකුට චෝදනා එල්ල වූ අතර කනේරියා සාක්ෂි නොමැතිවීම හේතුවෙන් ඉන් මුදා හැරුණා.
එංගලන්ත ක්‍රීඩකයාට මාස දෙකක සිරදඬුවමක් ද නියම වී තිබෙනවා.
කෙසේ නමුත්, එම සිද්ධියෙන් පසු ධනිෂ් කනේරියාගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් වූ අතර ඔහු සිය වරද පිළිගැනීම ප්‍රතික්ෂේප කළා.
එහෙත් අල් ජසීරා රූපවාහිනිය වෙනුවෙන් සාකච්ඡාවක් ලබාදෙමින් කනේරියා සිය වරද පිළිගෙන තිබෙනවා.
ඊයේ විකාශය වූ එම සංවාදයේදී ඔහු එංගලන්ත ප්‍රාන්ත පිලෙන් සහ සිය මව්රට වන පාකිස්ථානයෙන් ද සමාව අයැද සිටියා.