ධීවර අවසර පත්‍ර නොමැතිව ධීවර කටයුතුවල නියැලුණු පුද්ගලයින් 4 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුත්තලම – කුදිරමලෛයි මුහුදු ප්‍රදේශයේදී ඊයේ සිදුකළ නිරීක්ෂණයකට අනුව මොවුන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
මීට අමතරව ධීවර කටයුතු සඳහා යොදාගත් යාත්‍රාවක් සහ තහනම් දැල් කිහිපයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
