Gossips

අවසන් 20-20 ගැටුමේ පළමු වාසිය මහමුදුල්ලාට පෙරළෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන සහ අවසන් පන්දුවාර විස්ස තරඟයේ කාසිය වාසිය ජයග්‍රගණය කිරීමට බංග්ලාදේශ නායකයා සමත් වුණා.
ඒ අනුව මහමුදුල්ලා තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
දෙරට අතර පසුගිය 15 වනදා පැවති පළමු තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
අද තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා නොකරන අතර ඔහු වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපොන්සු කණ්ඩායමට කැඳවා තිබෙනවා.
අද තරඟයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම.
දිනේෂ් චන්දිමාල් (නායක), අමිල අපොන්සු , උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, ජීවන් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, දසුන් ශානක, අකිල ධනංජය, ෂෙහාන් මධුසංක, ඉසුරු උදාන.
අද තරඟයට එක්වන බංග්ලාදේශ කණ්ඩායම.
තමීම් ඉක්බාල්, සෞම්ය සර්කාර්, මොහොමඩ් මිතුන්, මුශ්ෆිකර් රහීම්, මහමුදුල්ලා, මොහොමඩ් යසිෆුඩින්, මෙහෙදී හසන්, අරිෆුල් හේක්, නස්මුල් ඉස්ලාම්, මුශ්ටෆිසුරි රහීම්, අබු ජෙයිඩ්.