ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ අවසන් වටයට පිවිසීම සඳහා කණ්ඩායම් පහක් අතර මේ වන විට තියුණු සටනක් නිර්මාණය වී තිබෙනවා.
අවසන් වටය සඳහා කණ්ඩායම් 04ක් තෝරා ගනු ලබන අතර මේ වන විටත් සන්ර්යිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් අවසන් වටයට සුදුසුකම් ලබා අවසන්.
කොල්කටා නයිට් රයිඩර්ස්, මුම්බායි ඉන්දියන්ස්, රෝයල් චැලෙන්ජ් බැංගලෝර්, රාජස්ථාන් රෝයල්ස් සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් යන කණ්ඩායම් පහ අතරයි මෙම තරඟය නිර්මාණය වී ඇත්තේ.
මෙම කණ්ඩායම් 05 මේ වන විට තරඟ 13 බැගින් ක්‍රීඩාකර ඇති අතර ඔවුන්ට ක්‍රීඩා කිරීමට ඇත්තේ තව එක් තරඟයක් පමණයි.
ඊළඟ වටයට පිවිසීමට මෙම කණ්ඩායම් අතරින් කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායමට වැඩිම අවස්ථාවක් ඇති අතර ඔවුන් තරඟ 13ක් ක්‍රීඩාකර ඉන් තරඟ 07ක් ජයගෙන මේ වන විට 03 වන ස්ථානයේ පසුවීම හේතුවෙන්.
සෙසු කණ්ඩායම් 04 ම තරඟ 13කට මුහුණදී ජයගෙන ඇත්තේ තරග 06ක් පමණයි.
කෙසේ වෙතත් මේ වන විට ප්‍රසාද ලකුණු ලබාගැනීමේ සටහනේ සිව් වන ස්ථානයේ පසුවන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම දළ ලකුණු ලබා ගැනීම් වල ධන අගයක් පවත්වාගෙන යාමට සමත්ව ඇති අතර සටහනේ තුන්වන ස්ථානයේ පසුවන කොල්කටා කණ්ඩායමේ දළ ලකුණු ලබා ගැනීම ඝෘන අගයකයි පවතින්නේ.
මේ හේතුවෙන් මුම්බායි කණ්ඩායම සහ කොල්කටා කණ්ඩායම අතර තියුණු සටනක් නිර්මාණය වී බව විචාරකයින් පවසනවා.
මේ අතර දිල්ලි ඩෙයාඩිවිල්ස් කණ්ඩායමට කලින්ම තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.