Gossips

අවසන් මොහොතේ ශ්‍රී ලංකාවට පදක්කමක් අහිමි වේ

ආසියානු ක්‍රීඩා උළලේ මළල ක්‍රීඩා ඉසව්වෙන් පදක්කමක් ජයග්‍රහණය කිරීමේ අවසන් අවස්ථාවද ශ්‍රී ලංකාවට ඊයේ අහිමි වුණා.
ඒ මීටර් 400 සහය දිවීමේ ඉසව්වේ ඊයේ රාත්‍රියේ පැවති අවසන් තරගයේදී සිව් වන ස්ථානයට පත්වීම හේතුවෙන්.
තියුණු සටනක් දුන් ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම එහිදී සිය ඉසව්ව නිම කළේ විනාඩි 3 යි තත්ත්පර 2 යි දශම 7 යි 4ක කාලයක් වැය කරමින්.
මේ අතර, ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදවා ලකුණු 68 ට බින්දුවක් ලෙස ජයග්‍රහණය කළා.
එහෙත්, කොරියාව සමග පැවති තරගය තියුණු සටනින් පසු ශ්‍රී ලංකා පිල පරාජයට පත්වූයේ ලකුණු 31 ට 26 ක් ලෙසින්.
ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි ඉසව්වේ තවත් තරඟයකට ශ්‍රී ලංකාව අද මුහුණදෙන අතර, එහිදී ඔවුන් තරඟ වදින්නේ ඇෆ්ගනිස්ථානය සමඟයි.