Gossips

අවසන් මොහොතේ කණ්ඩායමේ තැන හිමිවී තරඟාවලියේ වීරයා වූ කුසල් තරඟයට පසු කියපු කතාව

බංග්ලාදේශයට එරෙහිව පැවති පන්දු වාර විස්සයි විස්ස තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (18) සමත් වුණා.
ඒ, ඊයේ පැවැති දෙවන සහ අවසන් තරඟය ලකුණු 75කින් ජය ගනිමින්.
ඊයේ පැවති අවසන් තරඟයෙන් පසුව සම්මාන ප්‍රදානෝත්සවයේදී තරඟයේ වීරයා මෙන්ම තරඟාවලියේ වීරයා බවට පත්වූ කුසල් මෙන්ඩිස් අදහස් පළ කළා.
එහිදී ඔහු කියා සිටියේ කණ්ඩායමේ පුහුණුකරු සහ නායකයාගෙන් තමන්ට කණ්ඩායම තුළ නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව ලැබීම තුළින් ජයග්‍රහණයට අවශ්‍ය සහයෝගය ලබාදීමට හැකිවූ බවයි.
අබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරා වෙනුවට කුසල් මෙන්ඩිස් අවසන් මොහොතේ සංචිතයට කැඳවනු ලැබුවා.
බංග්ලාදේශයට එරෙහිව පැවති ටෙස්ට් තරඟාවලිය සහ එක්දින තරඟාවලිය ද ජයගනු ලැබුවේ ශ්‍රී ලංකාවයි.
බංග්ලාදේශ සංචාරයේ පැවති තුන්කොන් එක්දින තරඟාවලිය ද ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඒ අනුව 2018 වසර තුලදී පුර්ණ තරඟාවලි ජයක් වාර්තා කළ පළමු කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව මෙම වසරේ වාර්තා පොත් අතරට එක්වනවා.