Gossips

අවසන් නොවන ගැටළුව

මාළඹේ සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුලත් කිරීමෙන් සයිටම් ගැටළුව අවසන් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා පාර්ශව කිහිපයක් අතර ඊයේ දිනයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව තීරණය වූයේ සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන සිසුන් 1000 කගේ පමණ සුදුසුකම් පරීක්ෂා කර බලා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත ඇතුලත් කර
ගැනීමටයි.
මේ අතර අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය පවසන්නේ සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුලත් කිරීමට තමන් විරෝධය පලකරන බවයි.