Gossips

අවසන් තීරණයට එජාපය රැස්වේ – පසුපෙළ දැනෙන වෙනසක් ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට එහි ප්‍රතිසංවිධාන කටයුතු සදහා පත්කළ දේශපාලන මණ්ඩලය මේ වන විට අරලියගහ මන්දිරයේදි රැස්වී තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
එහිදි ගනු ලබන අවසන් තීරණ හෙට උදෑසන සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද උදෑසන අරලියගහ මන්දිරයේදි අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණා.
එහිදී එක්සත් ජාතික පක්ෂයේ සියලූ තනතුරු රහස් ඡන්දයකින් තෝරාගත යුතු බවටයි පසුපෙළ මන්ත්‍රීවරුන් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට යෝජනා කර ඇත්තේ.
සාකච්ඡාවට පසුපෙළ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු පමණ එක්ව සිටියා.