ඊයේ අවසන් වූ පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයේ සම්මාන ප්‍රධානයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට පමණක් කුඩයක් ඉහලාගෙන සිටීම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතා බහක් ඇතිව තිබෙනවා.
අවසන් තරගයේ සම්මාන ප්රදානය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස රුසියානු ජනාධිපතිවරයා එක්ව සිටි අතර ඊට අමතරව ප්‍රංශය සහ ක්‍රොඒෂියානු ජනාධිපතිවරුන් මෙන්ම ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ද එක්ව සිටියා.
සම්මාන රාත්රියේදී ක්‍රීඩාංගනයට වර්ෂාව ඇදහැලීමට පටන් ගත් අතර රුසියානු ජනාධිපතිවරයාට පමණක් කුඩයක් ඉහලා සිටිනු එහි දක්නට ලැබුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය රුසියානු ජනාධිපතිවරයා විසින් හිතාමතාම සිදු කර ඇති බවටයි.