Gossips

අවසන් තරගයෙන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ජය

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තුන්වන එක්දින තරගයෙන් ලකුණු 64ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඊයේ (07) සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
ඒ අනුව ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 256ක් ලබා ගැනීමට සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිපුන් ධනංජය ලකුණු 71ක් සොනාල් දිනුෂ ලකුණු 50ක් ලබා ගත්තා.
පන්දු යැවීමෙන් ඕස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායමේ සැක් එවන්ස් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.
ලකුණු 256ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 46 යි පන්දු 3කදී සියල්ලන් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 192ක් පමණි.
ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් බැක්ස්ටර් ජේ. හෝල්ට් ලකුණු 60ක් ලබාගත් අන් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
සුධිර තිලකරත්න කඩුලු 4ක් හා සොනාල් දිනුෂ කඩුලු 3ක් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් බිද හැලීමට සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකාව මෙම තරගය ජයගත්තද මිට පෙර පැවැති තරග දෙකම ජයගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග 3කින් සමන්විත තරගාවලිය 2ට 1ක් ලෙස ජය ගත්තා.