Gossips

අවසන් එක්දින තරඟය අද

සංචාරක එංගලන්ත පිළ සහ ශ්‍රී ලංකාව අතර 5 වන සහ අවසාන එක්දින තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (23) පැවැත්වෙනවා.
එංගලන්තය දැනටමත් තරඟාවලිය තුනට බින්දුවක් ලෙස ජයගෙන අවසන්.
කෙසේ නමුත්, 4 වන එක්දින තරඟයේදී දසුන් ශානක, තිසර පෙරේරා සහ අකිල ධනංජය දැක්වූ දස්කම් හමුවේ මෙම තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා පිළ උත්සාහයක නිරත වනු ඇති.
අද තරඟය පැවැත්වෙන ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ දක්වා එක්දින තරඟ 09ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 08කම ජය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
ඒ අනුව අද තරඟයේ දී පිටියේ වැඩි වාසි ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවෙනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.