Gossips

අවසන් එක්දින තරඟයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පස්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායකය ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා.
ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
අද තරඟය පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.
දෙරට අතර පැවති සිව්වන එක්දින තරඟය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු තුනකින් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ආත්ම විශ්වාසය වැඩිකර ගැනීම සහ ගෞරවය රැක ගැනීමට අද තරඟය ජයගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වනු ඇති බවයි ජාත්‍යන්තර විස්තර විචාරකයන් පවසා සිටින්නේ.
අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්.
උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, ඇන්ජෙලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, සුරංග ලක්මාල්, දසුන් ශානක සහ ලහිරු කුමාර
දකුණු අප්‍රිකානු කණ්ඩායම පහතින්.
කුවින්ටක් ඩී කුක්, හෂීම් අම්ලා, එයිඩ්න් මාක්රම්, පොල් ඩුමිනි, රීසා හෙන්ඩ්‍රික්ස්, හයින්රික් ක්ලාසන්, ඇන්ඩල් ෆ්ලීකූයියෝ, විලම් මෝල්ඩර්, කෙෂාව් මහරාජ්, ජුනියර් ඩලා, කගිසෝ රබාඩා