Gossips

අවසන් එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති පස්වන සහ අවසන් එක්දින තරඟය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (12) සමත් වුණා.
ශ්‍රී ලංකාව මෙම තරඟය ජය ගත්තේ ලකුණු 178කින්.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 08කට ලකුණු 299ක් රැස් කිරීමට සමත් වුණා.
ලකුණු 300ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 24යි පන්දු 04ක් තුලදී සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 121ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 178ක දැවැන්ත ජයක් හිමි වුණා.
කෙසේ වෙතත් තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ තුනට දෙකක් ලෙස ජයගත්තේ දකුණු අප්‍රිකාවයි.