පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්ව සිටින ජනතාවට සහන සැළසීමට හැකිවන පරිදි අවශ්‍ය තරම් මුදල් කඩිනමින් ලබාදෙන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට අද උපදෙස් ලබාදී තිබෙනවා.
දිස්ත්‍රික් මට්ටමින් සහන ලබාදීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ලැබෙන ඉල්ලීම් පරිදි එම මුදල් නිකුත් කරන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.
මේ අතර අධික වර්ෂාව හේතුවෙන් බියගම – මල්වාන නගරය මේ වනවිටත් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති බව වාර්තා වනවා.
ඒ හේතුවෙන් දෙකටන – කොළඹ මාර්ගයේ ගමනාගමනය අඩාල වී ඇති අතර, බියගම – බණ්ඩාරවත්ත මංසන්ධියද ජලයෙන් යටවී ඇති බව සඳහන්.
රත්නපුර – කිරිඇල්ල – ඇලපාත මාර්ගයද තවමත් ජලයෙන් යටව පවතිනවා.
එසේම වැසි සමඟ ජල විදුලි නිෂ්පාදනය සියයට 30 දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළා.