Gossips

අවමඟුලකින් අවසන් වූ විවාහ උත්සවයේ සතුට

වයික්කාල – කම්මල මුහුදේ ඊයේ (25) සවස දිය නාමින් සිටි පස්දෙනෙකු දිය රැළකට හසුවී ගසා ගෙන ගොස් තිබෙනවා.
දිය රැළට හසු වූ පස්දෙනාගෙන් සිව්දෙනෙකු බේරාගෙන ඇති අතර ඔවුන් රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
බේරාගත් සිව්දෙනා අතර සිටි වයස අවුරුදු 38ක පුද්ගලයෙක් මාරවිල මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
තවත් කාන්තාවක් හා පුද්ගලයින් දෙදෙනෙකු දංකොටුව මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මිගමුව මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.
එම පිරිස අතර සිටි හපුතලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක පුද්ගලයෙක් දිය රැළට හසුව ගසාගෙන යාමෙන් අතුරුදන්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
වෙන්නප්පුව පොලිසිය විසින් අතුරුදහන්ව ඇති පුද්ගලයා සෙවීමට විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මොවුන් මාදම්පේ, සුදු වැල්ල ප්‍රදේශයේ පැවති විවාහ උත්සවයක් අවසානයේ මුහුදේ දිය නෑමට ගොස් මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.