Gossips

අවධානයෙන් සිටින ලෙස ජනතාවට උපදෙසක්

ඉදිරියේදී ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති නජිත් සුමනසේන හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඩෙංගු කීට ඝණත්වය ඉහළ යාම ඊට හේතුව බවයි.
වසරේ මැයි, ජුනි, ජූලි, මාසවල මෙන්ම ඔක්තෝම්බර්, නොවැම්බර්, දෙසැම්බර් මාස තුළ මේ ආකාරයට කීට ඝණත්වය ඉහළ යන අතර, ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවයි එම සංගමය පවසන්නේ්.
ඔවුන් සිදුකළ සමීක්ෂණයකට අනුව බස්නාහිර පලාත තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ ස්ථානයන්හි වැඩි වශයෙන් කීට ගහනය වාර්තා වී ඇති අතර, ඉදිකිරීම් ක්ෂේත්‍රවල මෙන්ම, රාජ්‍ය ආයතන, පොදු ස්ථානවල ද මෙම මදුරු කීට ඝණත්වය අවම කිරීමට කටයුතු කරන මෙන් එම සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරනවා.
මේ අතර, වසරේ මේ දක්වා කාල සීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 41,301ක් වනවා.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස සියයට 36.2 ක්.