ඌව පළාත් සභාවේ මාසික සභා රැස්වීම පැවති අද දිනයේදී එම සභාව ඉදිරිපිට අල ගොවීන් පිරිසක් විරෝධතාවයක් පවත්වා තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ රජය විසින් මිලට ගත් අලවලට අදාළ ගෙවීම් ලබානොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි.
විරෝධතාවට ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නද එක්ව සිටියා.
