Gossips

අලූත් සහල් මංගල්‍යය අදයි

ජාතික අලූත් සහල් මංගල්‍යය අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී අද පෙරවරු 9 ට ආරම්භ වීමට නියමිතයි.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
සාම්ප්‍රදායිකව වාර්ෂික මාස් කන්නයේ නෙලා ගත් අස්වැන්නේ නොඉදුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිදුන්ට පිදීම මෙහිදී සිදුකෙරෙනවා.
මෙම ජාතික අලූත් සහල් මංගල්‍යයට පෙර චාරිත්‍රානුකූලව සතර වාහල්කඩ කිරි ඉතිරවා සිදුකරනු ලබන දේව කන්නලව්ව කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා.