Gossips

අලූත් ආණ්ඩුවක් හැදෙන, හදන වසරක් උදා වූ බව ජනපති කියයි

2019 වසර නව ආණ්ඩු හැදෙන, හදන වසරක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට බොරැල්ලේදී අද එක්වෙමින්.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ 2019 වසර මැතිවරණ වසරක් මෙන්ම රටට අලූත් ආණ්ඩුවක් හදන වසරක් බවයි.
එම ගමන වෙනුවෙන් ජනතාවාදී දේශමාමක සහ දේශහිතෙෂී දේශපාලන පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් කිරීමේ වගකීම ඉටු කිරීමට සූදානම් වන ලෙසටද දැනුම් දුන්නා.