Gossips

අලූත් අවුරුදු ප්‍රවාහන සේවා අද සිට

සිංහල දෙමල අලූත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට ආරම්භ කෙරෙනවා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අමතර බස් රථ 2000 ක් ඒ සඳහා ධාවනයට එක්කර ඇති බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව අද (06) සිට 15 වැනිදා දක්වා පැය 24 පුරා මෙම සේවාව ක්‍රියාත්මක කර තිබෙනවා.
මීට අමතරව එම කාලය තුළ රියදුරු, රිය සහයක සහ කාර්මික ඇතුළු සියලූ සේවකයින්ගේ නිවාඩුද අවලංගු කිරීමට තීරණය කර ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, හෙට (07) සිට අලූත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.