දිස්ත්රික්ක රැසක වියලි කාලගුණ තත්ත්වයක් පැවතියද අඛණ්ඩ ජල සැපයුම ලබාදීමේ හැකියාව පවතින බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
එහි සභාපති ඒ.අන්සාර් හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ කොළඹ සහ තදාසන්න නගරවල ජීවත්වන බොහොමයක් පවුල් මේ වනවිට සිය මුල්ගම්බිම් බලා ගොස් ඇති බැවින් නාගරික ජල පරිභෝජනයේ අඩුවක් දක්නට ලැබෙන බවයි.
එමෙන්ම, කළු ගඟට මුහුදු ජලය මිශ්ර වීම හේතුවෙන් කෙත්හේන ජල පවිත්රාගාරයෙන් බෙදාහරින ජලය තවදුරටත් පානය කිරීම සඳහා යොදා නොගන්නා ලෙසද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලීමක් කළා.